Friday, January 23, 2026
Homeදේශීයඩෙංගු මරණ වලකාගන්න ජනතා සහය අවශ්‍යයි

ඩෙංගු මරණ වලකාගන්න ජනතා සහය අවශ්‍යයි

මේ වන විට කොට්ඨාස 57 අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති බවත් සතියකට ඩෙංගු රෝගීන් දෙදහස් පමණ වාර්තා වන බවත් ඩෙංගු මරණ වලක්වා ගැනීමට ජනතා සහාය අවශ්‍ය බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පවසනවා.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ,

“මේ දක්වා වැඩි පිරිසක් වාර්තා වෙලා තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්, ඊළඟට කොළඹින්, ඊළඟට කළුතරින්. එතකොට හොඳටම පැහැදිලි අධි අවදානම කොහෙද තියෙන්නේ කියලා. ඒ කියන්නේ බස්නාහිර පළාතේ. ඊට අමතරව නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවලත්, වයඹ පළාතේ පුත්තලමව වගේ දිස්ත්‍රික්කවලත් මේවන විට ඩෙංගු අධි අවදානම් කලාප පිළිබඳව අපට කතාකරන්න සිදුවෙලා තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාල ලංකාවේ 370ක් තියෙනවා. එයින් 59ක් වගේ ප්‍රමාණයක් අධි අවදානම් කලාප ලෙස මේ වනවිට හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ 17%ක් අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල. ඒක එතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. අද දැන් මේ වෙනකොට මරණ මේ අවුරුද්ද තුළ 23ත් 24ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වාර්තා වෙලා තියෙන මරණවලින් පවා අති බහුතරයක් වාර්තා වෙන්නේ ප්‍රමාදවෙලා රෝහල් ගතවීම හරහා. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් ලොකු වගකීමක් තියෙනවා පළවෙනි, දෙවැනි දවස වෙනකොට උණ පාලනය වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් හමුවෙලා, වැඩිය හොඳයි රජයේ රෝහලකට ගිහිල්ල අවශ්‍ය ප්‍රතිකාර ගන්න.”

RELATED ARTICLES

Most Popular

Recent Comments