Friday, March 29, 2024
Homeදේශීයරටම කතාවෙන ලිස්ටීරියා ගැන හෙළිදරව්වක්

රටම කතාවෙන ලිස්ටීරියා ගැන හෙළිදරව්වක්

මේ වනවිට මෙරටින් ලිස්ටීරියා රෝගය වැළඳුනු එක් රෝගියෙකු පමණක් හඳුනාගෙන ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය කැඳවුම්කරු වෛද්‍ය නවීන් ද සොයිසා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා පැවසුවේ සමාජ මාධ්‍යවල පළවන ඇතැම් කරුණු නිවැරදි නොවන බවය.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ එම වාර්තාවල තවත් රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇති බවට වාර්තා කර තිබුණද එම රෝගීන් ලිස්ටීරියා රෝගයට ගොදුරුවී ඇති බවට අනාවරණය වී නොමැති බවය.

මේ අතර අදාළ සිදුවීම පිලිබඳව වාර්තාවන ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතවද මේ සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වන බවද වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

ආහාර හරහා මෙම ලිස්ටීරියා රෝගය වැළඳිය හැකි බවත් එහිදී රෝග ලක්ෂණ ලෙස පාචන තත්වය, බඩේ අමාරුව, උණ ගතිය ඇතිවිය හැකි බවත් වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ඇතැමුන්ට ලිස්ටීරියා රෝගය වැළඳීමෙන් අනතුරුව සිහිමූර්ජා තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

කෙසේ වෙතත් දෑත් සෝදා පිරිසිදුව සිටීමත් නිවැරදි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීමත් මෙම රෝගය වැළකීමට ප්‍රමාණවත් බවද වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments