Monday, June 24, 2024
Homeවිදේශීයලිබියාවේ ජලගැලීම්: මිය ගිය සංඛ්‍යාව 20000 දක්වා ඉහළ යා හැකි බවට අනතුරු...

ලිබියාවේ ජලගැලීම්: මිය ගිය සංඛ්‍යාව 20000 දක්වා ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්

ලිබියාවට බලපෑ ඩැනියෙල් කුණාටුවෙන් පසු වේලි දෙකක් පුපුරා යාමෙන් ඩර්නා නගරය සහ එහි අවට ප්‍රදේශවලට බලපෑ ජලගැලීමෙන් ලිබියානු වැසියන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටිති.

ඩර්නා නගරයේ නගරාධිපති සඳහන් කරනුයේ, මිය ගිය සංඛ්‍යාව 20,000ක් දක්වා ඉහළ යා හැකි බවය.

ඊයේ (සැප්. 14) දිනයේදී ජලගැලීම්වලින් මරණයට පත් සංඛ්‍යාව 3000ක් පමණ වන බව ලිබියානු රජය සඳහන් කරයි.

ලිබියාවේ එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා සඳහන් කරනුයේ මරණයට පත් සංඛ්‍යාව 6000කට ආසන්න බවය. මේ අතර, රතු අඩසඳ සංවිධානය පවසා ඇත්තේ, මිය ගිය සංඛ්‍යාව 11, 000 ආසන්න බව ය.

තවත් වැසියන් දහස් ගණනක් අතුරුදහන් වී ඇති අතර මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු මුහුදු වෙරළට ගොඩ ගසා ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments