Friday, April 19, 2024
Homeදේශපාලනක්‍රිකට් අස්සේ ජෝගි නටන ආණ්ඩුවේ කහ රෙදි සෙල්ලම (video)

ක්‍රිකට් අස්සේ ජෝගි නටන ආණ්ඩුවේ කහ රෙදි සෙල්ලම (video)

මේ වන විට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කහපාට ඇඳුම පිළිබඳව මාධ්‍ය රැල්ලක් පවතී.

එහිදී අනාවරණය වූයේ මෙය ආණ්ඩුවේ සමාජ මාධ්‍ය ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන ප්‍රශ්න යටගැසීමේ කූඨ උපක්‍රමයක් බවයි.

මේ සඳහා ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාල කිහිපයක්ද යොදාගෙන ඇති අතර ඡන්දයක් අභිමුඛව මහජනතාවට කැළණි ගඟ දෙබෑකර පැමිණි නාගයන් පෙන්වූ මාධ්‍ය ආයතනයද ඒ අතර වනවා.

ඔවුන්ගේ ව්‍යාපෘතිය වන්නේ ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර හෙට (24) පැවැත්වීමට නියමිත අවසාන එක්දින තරඟය නැරඹීම සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයන් කහ පැහැති ඇඳුමකින් සැරසී පැමිණ ඕස්ට්‍රේලියාවට කෘතගුණ සලකන බව පෙන්වීමයි.

මේ වන විට රට තුළ පවත්නා දැඩි ආර්ථික අර්බුදය තුළ සාමාන්‍ය මහජනතාවගෙන් ආණ්ඩුවට එරෙහිව ජාත්‍යන්තර තරඟයකදී එල්ලවිය හැකි විරෝධය මැඩ පැවැත්වීම සදහා මෙම කූඨ උපක්‍රමය ඔවුන් යොදාගෙන තිබෙනවා.

මේ වන විට තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ සඳහා කිසිදු විරෝධතා පුවරුවක් රැගෙනයාමට අවසර නොලැබෙන අතර පුවරු හෝ හිස බදින පටි සහිත පුද්ගලයින් ප්‍රේක්ෂකාගාරයෙන් ඉවත්කිරීමට බලධාරීන් කටයුතු කරනවා.

එවන් තත්ත්වයක් තුළ කෘතගුණ සැළකීමේ මෙම ව්‍යාපෘතිය පෙරදැරි කරගෙන ආණ්ඩු විරෝධය මැඩ පැවැත්වීමට උත්සහ කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා “රටට ඩොලර් ගෙනා ඕස්ට්‍රේලියාව”‘, “අපි කෘතගුණ සලකන ජාතියක්”, “ක්‍රීඩාවට දේශපාලනය වැඩක් නැහැ” වැනි තක්කඩි වැකි උපයෝගී කරගනිමින් සිටින බව සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි වනවා.

මේ වනවිටත් තරඟ 5 කින් යුත් එක්දින තරඟ මාලාව ශ්‍රී ලංකාව ජයගෙන ඇති බැවින් ක්‍රිකට් රසිකයින්ද සිටින්නේ දැඩි ප්‍රීති ප්‍රමෝදයෙනි.
එම හැඟීමද ප්‍රයෝජනයට ගනිමින් තමන් දිනයේ වැඩි හරියක් සිටින්නේ පෝලිම්වල දුක් විදිමින් යැයි අමතක කරමින් මෙම කහ පැහැති නාඩගම ඉතා සූක්ෂමව හෙට දිනයේ රඟ දැක්වීමට නියමිතයි.

ජනතාවට කහ අන්දා ඕස්ට්‍රේලියාවට කෘතගුණ සලකන්නැයි කියන අතරේ ඊයේ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ නැවත වරක් ඉන්ධන මිල අනිවාර්යයෙන් ඉහළ දැමිය යුතු බවයි.

එමෙන්ම තවත් පුද්ගලයෙක් ඉන්ධන පෝලිමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments