Saturday, April 20, 2024
Homeදේශපාලනජාත්‍යන්තර අප්‍රසාදයට පත් වූ අටවන ජනපති (PHOTOS)

ජාත්‍යන්තර අප්‍රසාදයට පත් වූ අටවන ජනපති (PHOTOS)

ශ්‍රී ලංකාවේ වත්මන් සංක්‍රාන්තිය සඳහා ප්‍රකාශනයේ නිදහස අත්‍යවශ්‍ය බව ඔප්පු විය. එය දැඩි ලෙස සීමා කිරීම, වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදවලට විසඳුම් සෙවීමට උපකාරී වන ආකාරයක් දැකීමට අපහසු යි. ශ්‍රීලංකාවේ යුරෝපියානු සංගමය අද (22) අලුයම ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ මිලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් පවසයි.

මෙම ප්‍රහාරය විදෙස් තානාපතිවරුන්, විදෙස් මාධ්‍ය ඇතුළු දෙස් විදෙස් ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ, ඇමරිකා එක්සත් ජනපද තානාපති  ජූලී චුන්ග් මධ්‍යම රාත්‍රියේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය ගැන දැඩි සේ කනස්සලු වෙන බවත් බලධාරීන් සංයමයෙන් කටයුතු කරමින් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ඉල්ලා තිබේ.

“ගාලු මුවදොර පිටියේ සිදු වූ දේ සම්බන්ධයෙන් දැන ගත්තා. මෙහෙම දෙයක් දැන් වුණේ ඇයි කියලා හිතාගන්න බෑ.. බලධාරීන් ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සංයමයෙන් ක්‍රියා කිරීම වැදගත්..” යනුවෙන් ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ, කැනඩා තානාපති ඩේවිඩ් මැකිනොන් ට්විටර් පණිවිඩයක් මඟින් පවසා ඇත.

දකුණු ආසියානු ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්තා කර තිබෙන්නේ මෙම ප්‍රහාරය පිළිගත නොහැකි බවත් අදාළ බලධාරීන් මේ සම්බන්ධයෙන් වහා පියවර ගත යුතු බවත්ය.

අයථා ලෙස අත්අඩංගුවට ගත් අය නිදහස් කරමින් උද්ඝෝෂණයට ඇති අයිතිය සුරැකිය යුතු යැයි පවසන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ජනමාධ්‍යවේදීන්ගේ රාජකාරිය කිරීමේ නිදහස ද එලෙසිනම් තිබිය යුතු යැයි අවධාරණය කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments