Friday, March 29, 2024
Homeදේශපාලනයකාගේ නීතිය, මැර ජොන්ස්ටන්ට ඇප – බාර වුනු අරගලකරුවන් රිමාන්ඩ්

යකාගේ නීතිය, මැර ජොන්ස්ටන්ට ඇප – බාර වුනු අරගලකරුවන් රිමාන්ඩ්

පොලීසිය විසින් අද (22) බාර වීමෙන් පසුව අත්අඩංගුවට ගත් ලහිරු වීරසේකර, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇතුළු පුද්ගලයින් 7 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් ජුලි 01 වනදා දක්වා එලෙස රිමාන්ඩ් භාරයට පත්කිරීමට නියෝග කළේය.

ජුනි 9 වනදා සහ 10 වනදා කොටුව සහ තලංගම ප්‍රදේශයේදී පැවැත්වූ විරෝධතා අතරතුර ඇතිවූ සිද්ධි සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

කෙසේවෙතත් සැකකරුවන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඔවුන් විරෝධතා පාගමනකින් පැමිණ මරදාන පොලීසියට භාරවීමෙන් අනතුරුවය.

මේ අතර ගෝඨා ගෝ ගම සහ මයිනාගෝගම අරගලවලට පහරදීමේ සිද්ධියේ 28වන සැකකරු වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නව ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියමකළේය.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් මිලියන 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝගකළ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාකළ යුතු බවට නියෝග කළේය.

උක්ත සඳහන් තීන්දු දෙකම නියෝග කොට ඇත්තේ ද කොටුව මහේස්ත්‍රාත් විසිනි.

ඇපකරුවන් තමන්ගේ පදිංචියේ හා වත්කම් පිළිබඳ සහතික අධිකරණයට ඉදිරිපත්කළ යුතු බවත් මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments