Friday, March 29, 2024
Homeදේශීයගෝල්ෆේස් අරගලයට දින 100යි

ගෝල්ෆේස් අරගලයට දින 100යි

ගාලුමුවදොර නොනිදන මහජන අරගලය ආරම්භ වී අද (17) දිනට දින 100 ක් සපිරෙනවා.

රට තුළ පැවති ආර්ථිය,දේශපාලන අර්බුදයන්ට විරෝධය දක්වා සහ එවක ජනාධිපති ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරමින් මෙම මහජන අරගලය ආරම්භ වුණා.

ජනතාව රට පුරා තැනින් තැන සිදුකළ සාමකාමී මහජන විරෝධතාවයන් එක් ස්ථානයකට ගෙන එමින් පසුගිය අප්‍රේල් මස 9 වනදා ගාලුමුවදොර දී මෙම මහජන අරගලය ආරම්භ වූ අතර එය මේ දක්වා අඛණ්ඩව දින 100 ක් පුරා පැවතීම විශේෂත්වයක් වනවා.

මෙම අරගලය හේතුවෙන් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් රාශියක් සිදුවූ අතර එහි උච්චතම අවස්ථාව සනිටුවහන් කරමින් පසුගිය ජුලි 14 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළා.

එසේම පසුගිය ජුලි 9 වනදා සුවිශාල ජන සංඛ්‍යාවක් කොළඹ ගාලුමුවදොරට රැස්වී පැවැත්වූ දැවැන්ත මහජන විරෝධතාව මෙරට එදා මෙදා තුර අති විශාල ජන සහභාගීත්වයකින් පැවැති සාමකාමීම මහජන අරගලය ලෙස ඉතිහාසයට එක් වූ අතර, එය ජාත්‍යන්තරයේද ප්‍රශංසාවට ලක්වුණා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments