Thursday, April 18, 2024
Homeදේශපාලනචමුදිත සමරවික්‍රමට වැඩ වරදින ලකුණු - ජලනි ප්‍රේමදාසගෙන් එන්තරවාසියක්

චමුදිත සමරවික්‍රමට වැඩ වරදින ලකුණු – ජලනි ප්‍රේමදාසගෙන් එන්තරවාසියක්

වත්මන් විපක්ෂ නායකවරයාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මැතිනියට අපහාස වන පරිදි truth with chamuditha නම් වැඩසටහනේදි කළ සාවද්‍ය ප්‍රකාශයකට අනුව එම මැතිණියගේ නීතිඥවරයා විසින් ඇයගේ උපදෙස් මත චමුදිත සමරවික්‍රමට එරෙහිව එන්තරවාසියක් එවා ඇත.

මෙම වැඩසටහන කීර්ති රත්නායක නම් පුද්ගලයෙකු සමග සම්මුඛ සාකච්ඡාවක් සිදු කර යූටියුබ් වෙත එක් කර ඇති අදාළ වීඩියෝවේ දැක්වෙන ප්‍රකාශ මගින් තම සේවාදායිකාවගේ කීර්ති නාමයට හානි වී ඇති බවටයි අදාළ එන්තරවාසියේ දැක්වෙන්නේ.

එබැවින් වහාම අදාළ වීඩියෝව ඉවත් කර ගන්නා ලෙසට දැනුම් දී ඇති අතර එසේ නොකරන්නේ නම් රුපියල් බිලියනයක මුදලක් දින 14ක් ඇතුලත ගෙවන ලෙසට චමුදිත සමරවික්‍රමට යොමු කළ එන්තරවාසිය මගින් අවධාරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමට හෝ එලෙස කටයුතු කිරීමට අපොහොසත් වන්නේ නම් අපරාධමය සහ සිවිල් යන දෙඅංශයෙන්ම නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවටයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ ලිපියේ ඉංග්‍රීසි සහ සිංහල පිටපත් පහතින්,

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments