Thursday, April 25, 2024
Homeදේශීයනව සහල් වර්ගයක් හෙට සිට වෙළඳ පලට

නව සහල් වර්ගයක් හෙට සිට වෙළඳ පලට

වෙළඳපොලේ සහල් මිල ඉහළ යෑම පාලනය කිරීමට සහ ගුණාත්මක තත්වයෙන් ඉහළ සහල් පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති වී තොග උපයෝගී කරගෙන සකස් කළ සහල් පී.එම්.බී. රයිස් නාමය යටතේ වෙළඳපොලට හෙට (27) සිට නිකුත් කිරීමට නියමිතයි.

කිලෝග්‍රෑම් පහේ සහ දහයේ ප්‍රමාණයෙන් සකස් කළ සහල් මලු මෙලෙස අලෙවියට නිකුත් කරනු ඇති.

කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම සහල් මළු අලෙවිය සිදු කරනු ලබන්නේ ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත් අලෙවිසැල් 3 ක් හරහායි. ඊට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශයේ විවෘත කරනු ලබන අලෙවිසැලක් සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වෙළඳසැල් හරහා ද හෙට සිට මෙම සහල් ලබාගත හැකියි.

ඊට අමතරව වෙළඳපොල අවශ්‍යතාව මත මසකට සහල් මෙට්‍රික් ටොන් දස දහස බැගින් සතොස අලෙවිසැල් මගින් මෙම සහල් නිකුත් කිරීමට ද අපේක්ෂා කෙරෙනවා.

පාලන මිලට වඩා අඩුවෙන් මෙම සහල් අලෙවි කිරීමට අපේක්ෂා කරන බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් ප්‍රකාශ කළේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments