Friday, March 29, 2024
Homeදේශීයපවුල් 2911ක, පුද්ගලයින් 11821 දෙනෙකු පිඩාවට පත්කරමින් නිරිතදිග මෝසම සක්‍රිය වෙයි

පවුල් 2911ක, පුද්ගලයින් 11821 දෙනෙකු පිඩාවට පත්කරමින් නිරිතදිග මෝසම සක්‍රිය වෙයි

නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග ඇති වූ නායයාම්, ජල ගැලීම් හා දැඩි සුළං හේතුවෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර දිවයිනේ දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35කට අයත් පවුල් 2911ක පුද්ගලයින් 11821 දෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එසේ ම නිවාස 258කට අලාභ හානි සිදුව ඇති අතර පවුල් 643කට අයත් පුද්ගලයන් 3046 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත රඳවා තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29කට නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර එයින් කොට්ඨාස 11ක් දැඩි අවදානම් බව දක්වා තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, මැදදුම්බර, දෙල්තොට, පස්බාගේ, උඩපළාත, දොළුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, අරනායක, යටියන්තොට, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, මුලටියන, පස්ගොඩ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, අඹගමුව, කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, ඇලපාත, කලවාන, නිවිතිගල, කහවත්ත, කුරුවිට, ඉඹුල්පේ, පැල්මඩුල්ල, ඇහැලියගොඩ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නාය යාම් අවධානම පවතී.

මේ අතර ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති වන බවත්, සෙසු දිස්ත්‍රික්කවලට ද තද වැසි ඇතිවන බැවින් එම ප්‍රදේශවල පස් කඳු කඩා වැටීම්, නායයාම්, දිය උල්පත් මතුවීම්, පහත් බිම් යටවීම් ආදිය සිදුවිය හැකි බව අවධාරණය කෙරේ.

තද වැසි සමග බොහෝ ප්‍රදේශවලට තද සුළං තත්ත්වයක් ද පවතින බැවින් ගස් අතු කඩා වැටීම් වැනි අනතුරුවලින් ආරක්ෂා වන ලෙස ද අනතුරු ඇඟවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments