Friday, March 29, 2024
Homeදේශීයපොහොට්ටු – එජාප හවුල පරදා අක්මීමනදී සමගි ජන බලවේගයට විශිෂ්ට ජයක්

පොහොට්ටු – එජාප හවුල පරදා අක්මීමනදී සමගි ජන බලවේගයට විශිෂ්ට ජයක්

අක්මීමන විවිධ සේවා සමූපකාර මැතිවරණයේදී තුනෙන් දෙකක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.

ඒ අනුව සභික ධුර 100කින් 67ක්ම දිනාගැනීමට සමගි ජන බලවේගය එහිදී සමත්ව ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අක්මීමන සමූපකාර මැතිවරණයේදී සන්ධානගතව තරගකර තිබීම ද විශේෂත්වයකි.

අක්මීමන යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලකොටුවක් වශයෙන් සැලකෙන ආසනයක් ද වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments