Tuesday, April 23, 2024
Homeදේශීයබිත්තරේ අර්බුදය යළිත් කරළියට

බිත්තරේ අර්බුදය යළිත් කරළියට

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා වන සහතික ලබාදීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රමාද කිරීම හේතුවෙන් ගැටලු රුසක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, මේ හේතුවෙන් සැලසුම් කල පරිදි බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වී ඇති බවය.

“මේ වෙනකොට අපි අසීරුතාවයකට පත්වෙලා තියෙනවා බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන්. මොකද 19 වනදා ලංකාවට ආපු බිත්තර නැවේ සාපම්පල අපි භාරදීලා තියෙනවා. එහි සාම්පල වාර්තාව අපි බලාපොරාත්තු වුණා සඳුදා දිනයේ ලැබෙයි කියලා. නමුත් අපි සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවෙන් හොයලා බලද්දි ඔවුන් අපිට කියා සිටියා එම වාර්තාවන් අපිට ලබාදීමට හැකියාව ලැබෙන්නේ සිකුරාදා දිනයේ බව. මේ අනුව අපට හැඟී ගිහින් තියෙනවා උපරිම වශයෙන් දින 10ක පමණ කාලයක් මොවුන් මේ සඳහා ලබාගන්නා බව. මේ එක්ක අපි දැඩි අපහසුතාවයට පත්වෙලා තියෙනවා වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන්.”

ඉදිරියේදී තවත් මිලියන 05කට ආසන්න ප්‍රමාණයක් බිත්තර ආනයනය කිරීම සඳහා ඇනවුම් ලබා දී ඇති බවද ආසිරි වලිසුන්දර මහතා පැවසුවේය.

මේ අතර බිත්තර වැඩි මිලට අලෙවි කළ පිළියන්දල ප්‍රදේශයේ වෙළෙඳසැලක් පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් වටලා තිබේ.

ගැසට් කර ඇති මිලට වඩා රුපියල් 9ක් වැඩි මිලකට එහිදී බිත්තර ඇලවිකර ඇති බව සඳහන්ය.

වැටලීම සිදුකරන අවස්ථාවේ වෙළෙඳසැල තුළ තිබී බිත්තර 3,120 බැගින් වූ පෙට්ටි 12ක් තිබූ බව එම අධිකාරිය සඳහන් කළේය.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අදාළ බිත්තර තොගය රුපියල් 44ක පාලන මිලට පාරිභෝගිකයින්ට අලෙවි කරන ලෙස අදාළ වෙළෙඳ සැල්හිමියාට අවවාද කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments