Friday, April 19, 2024
Homeදේශීයමෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගම් පහක බලපත්‍ර අත්හිටුවයි

මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගම් පහක බලපත්‍ර අත්හිටුවයි

මෙරට මූල්‍ය සමාගම් පහක බලපත්‍ර අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව ‘ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ද ෆිනෑන්ස් කම්පනි පීඑල්සී’ සහ ‘ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්’ යන මූල්‍ය සමාගම් පහට මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා වූ බලපත්‍ර මෙසේ අත්හිටුවා තිබෙනවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී එම වකවානුව වන විට මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා මෙම මූල්‍ය සමාගම්වල නිකුත් කර තිබූ බලපත්‍ර අත්හිටුවා දැමුවා.

එසේ කොට මෙම මූල්‍ය සමාගම්වල පුනර්ජීවනය සඳහා ඉදිරිපත් විය හැකි විකල්ප යෝජනා පරික්ෂා කිරීමට උපදේශන කමිටුවක් පත් කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළා.

කෙසේ නමුත් පසුගිය මැයි මස 31වැනි දා අදාළ උපදේශන කමිටුව විසින් ඉහත සඳහන් කළ අසාර්ථක මූල්‍ය සමාගම් අතරින් හතරක් සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් යොමු කරන ලද යෝජනා සලකා බලා සිය කමිටුවේ අවසන් වාර්තාව මුදල් මණ්ඩලය වෙත යොමු කොට තිබුණා.

ඒ අනුව ඉදිරිපත් වී ඇති යෝජනා මඟින් ප්‍රතිපත්තිමය හා නෛතික ගැටළු ඇති කරවන බවත් එම යෝජනා පවතින නෛතික රාමුව තුළ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ නො හැකි බවත් පැවතීම සහ පවතින ආර්ථික තත්ත්වය යටතේ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ හැකි කිසිඳු යෝජනාවක් අපේක්ෂිත ආයෝජකයන්ගෙන් ඉදිරිපත් නොවනු ඇති බවට උපදේශන කමිටුව විසින් අපේක්ෂා කොට තිබුණා.
තව ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අදාළ උපදේශන කමිටුව විසිරුවා හැර, එහි නිර්දේශයන්ට අනුකූලව මෙම තීරණයට එළඹ තිබෙනවා. ඒ අනුව, අදාළ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව මෙම අසාර්ථක මූල්‍ය සමාගම් පහ ඈවර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගැනීමට නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments