Thursday, April 25, 2024
Homeදේශීයවරාය අධිකාරියේ සභාපති ගැන ඉංජිනේරුවෝ ඇමතිට ලියති

වරාය අධිකාරියේ සභාපති ගැන ඉංජිනේරුවෝ ඇමතිට ලියති

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය ආයතන ව්‍යූහය සහ බදවාගැනීමේ පටිපාටිය අත්තනෝමතිකව වෙනස් කරමින් ක්‍රියාකිරීම පාලනය සඳහා මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමය, වරාය හා නාවික අමාත්‍යවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලා තිබේ.

නව බඳවාගැනීමේ පටිපාටිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමෙන් තොරව ක්‍රියාත්මක නොකරන බවට හිටපු අමාත්‍යවරයා පොරොන්දු වී තිබියදී වරාය අධිකාරියේ පාලනය නව බඳවාගැනීම් පටිපාටිය ක්‍රියාත්මක කරමින් සිටින බවත් එම අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණය අහෝසි කර පැරණි ආයතනින ව්‍යූහය ක්‍රියාත්මක කරන ලෙස ලිඛිත මාර්ගෝපදේශයක් දෙන ලෙසත් වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.

සභාපතිවරයාගේ තීරණයට එරෙහිව වරාය අධිකාරියේ කොට්ඨාස ප්‍රධානින් ඇතුළු අනෙකුත් විධායක නිලධාරීන්ගේ ද අස්සන් සහිත ලිපියක් ද අමාත්‍යවරයාට යොමුකර තිබේ.

වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමය සභාපති කාර්යාලය ඉදිරියේ පෙරේදා (24) විරෝධතාවක නිතර වූ අතර වරාය ඉංජිනේරුවන් සභාපතිවරයෙක්ට එරෙහිව උද්ඝෝෂණයක් පැවත්වූ ඉතිහාසයේ පළමු අවස්ථාව එය බව ද වරාය ඉංජිනේරු සංගමය කීය. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments