Friday, April 19, 2024
Homeදේශීයවැඩි වූ විදුලි බිල අද සිට ක්‍රියාත්මකයි - අද පැයක විදුලි කප්පාදුවක්.

වැඩි වූ විදුලි බිල අද සිට ක්‍රියාත්මකයි – අද පැයක විදුලි කප්පාදුවක්.

අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 75% ක සාමාන්‍ය අගයකින් වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව ඒකක 0 සිට 30 දක්වා භාවිතා කරන පාරිභෝගිකයින්ට විදුලි බිල සඳහා රුපියල් 198 ක වැඩිවීමක් සහ ඒකක 31 සිට 60 දක්වා භාවිතා කරන පිරිස් සඳහා රුපියල් 599 ක වැඩිවීමක් සිදුවීමට නියමිතයි.

එසේම ඒකක 61 සිට 90 දක්වා භාවිතා කරන පිරිස් සඳහා රුපියල් 1,461 ක විදුලි බිල වැඩිවීමක් සහ ඒකක 91 සිට 120 දක්වා භාවිතා කරන පිරිස් සඳහා විදුලි බිලෙහි රුපියල් 2,976 ක වැඩීවීමක් සිදු වනවා.

ඒකක 121 සිට 180 දක්වා භාවිතා කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත රුපියල් 5,005 ක වැඩිවීමක් සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

අද (10) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
– රාත්‍රී කාලයේ පැය 1 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා
– රාත්‍රී කාලයේ පැය 1 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments