Saturday, April 20, 2024
Homeදේශීයවිදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමෙන් විශේෂ නිවේදනයක්

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව විදුලි ගාස්තු සංශෝධනයක් කඩිනමින් ම නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරනවා.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ අද (27) පැවැති මාධ්‍ය හමුවක දී.

කෙසේ නමුත් එම විදුලි බිල වැඩි කිරීම සති පහකින් පසුව සිදු කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ද ඔහු ප්‍රකාශ කළා.

බහුතර ගෘහ විදුලි පාරිභෝගිකයින්ට සහනයක් ලෙස ගාස්තු වැඩි කිරීම 57% නො ඉක්මවීම මහජන උපයෝගිතා කොමිසමේ අදහස බව එහි දී කියා සිටියා.

එහි දී කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ, “විදුලි ඒකක 30ට සහ 60ට අඩුවෙන් විදුලිය පාවිච්චි කරන පාරිභෝගිකයන්ට ලංකා විදුලි බල මණ්ඩලයෙන් යෝජනා කර තිබුණේ 835% තරම් විශාල මිල වැඩි වීමක්. නමුත් අපි මේ ගැන විශ්ලේෂණ සහ සාකච්ඡා කරලා, ඒකක 30ත් 60ත් සහ 90ත් අතර ඒකකවල විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට සහනාධාරයක් ලබා දිය යුතුයි කියලා අපි රජයට නිර්දේශ කළා. ඒ අනුව විදුලි බල මණ්ඩලය ඉල්ලා තිබුණු බිලියන 512ක පමණ පිරිවැය මත පදනම් වූ සංශෝධනය බිලියන 65කින් පමණ අඩු කරන්න අපි කටයුතු කළා. ඒ අනුව අපි මුදල් ාමාතයංශයට නිර්දේශ කළා බිලියන 65ක සහනාධාරයක් අඩු ආදායම්ලාභීන්ට ලැබිය යුතුයි කියලා. අපෙන් ඉල්ලා තිබුණේ රුපියල් 16 වූ ඒකකයක විකුණුම් මිල රුපියල් 32ක් දක්වා වැඩි කරන්න ඉල්ලා තිබුණත් අපි ඒක රුපියල් 28ක් පමණ ප්‍රමාණයකට සීමා කරා.” යනුවෙන්.

කෙසේ නමුත් මෙම විදුලි ගාස්තු සංශෝධනයෙන් ඒකක 30 ට අඩු බිල්පත් සඳහා සාමාන්‍ය මාසික විදුලි බිල රුපියල් 227 පමණ වන අතර ඒකක 30 ට වැඩි නමුත් ඒකක 60 ට අඩු අඩු බිල්පත් සඳහා සාමාන්‍ය මාසික විදුලි බිල රු. 658ක් පමණ වන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් සමස්ත ගෘහස්ථ අංශය සඳහා 138%ක තීරුබදු වැඩිවීමක් යෝජනා කර සිටියත් එය 67% ඉක්මවා නොයා යුතු බව මහජන උපයෝගිතා කොමිසමේ තීරණය වී තිබුණේ.

නමුත් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවන්ට අනුව, සාමාන්‍ය පාරිභෝගිකයින් සඳහා 45% කින් ද, කාර්මික පාරිභෝගිකයින් සඳහා 61% කින් ද, හෝටල් සඳහා 43% කින් ද, රාජ්‍ය ආයතන සඳහා 43% කින් ද, ආගමික ස්ථාන සඳහා 189% කින් ද විදුලි ගාස්තු වැඩි කිරීමටයි මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා තිබුණේ.

කෙසේ වෙතත් අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ඉදිරිපත් කිරීම සඳහා හෙට (28) සිට දින 21ක කාලයක් මහජනතාවට හිමිවනවා.

ඒ අනුව මහජනතාව එළැඹෙන ජූලි 18 දක්වා විද්‍යුත් තැපෑලෙන් හෝ ෆැක්ස් මගින් යෝජනා ඉදිරිපත් කළ හැකි අතර, වාචික මහජන උපදේශන සැසිය පැවැත්වෙන දිනය සහ ස්ථානය පිළිබඳ විස්තර ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments