Friday, March 29, 2024
Homeව්‍යාපාරිකඩොලර් තොග පිටින් එවන අයට වාහන ආනයනයට අවසර

ඩොලර් තොග පිටින් එවන අයට වාහන ආනයනයට අවසර

විදේශ විනිමය රටතුළට ගෙන එන පුද්ගලයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මේ බව පැවසීය.

ඒ අනුව ඩොලර් 3000 වැඩි ප්‍රමාණයක් මෙරටට එවා ඇති පුද්ගලයින් හට එවන ලද මුදලින් අඩක් ලෙස වන පරිදි වටිනාකමකට අදාළව විද්‍යුත් යතුරුපැදියක් මිලදී ගැනීමට අවස්ථාව හිමිවේ.

එසේම ඩොලර් 20,000ට වැඩි ඕනෑම මුදලක් මෙරටට ඒවා ඇති පුද්ගලයින්ට එසේ මෙරටට ඒවා ඇති මුදලින් හරි අඩක වටිනාකම උපරිමය ඩොලර් 65,000ක් දක්වා වන පරිදි විද්‍යුත් මෝටර් රථයක් මෙරටට ගෙන්වීමට අවසර හිමිවේ.

ඒ අනුව එසේ ගෙන්වනු ලබන විද්‍යුත් වාහන ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය විදුලි බලය සපයාගැනීමට එම පුද්ගලයා විසින් සූර්ය බල පද්ධතියක් ද මිලදී ගැනීම හෝ ආනයනය කිරීම සිදුකළ යුතු වේ.

එලෙස ගෙන්වනු ලබන විද්‍යුත් වාහන ජාතික විදුලිබල පද්ධතිය හරහා ආරෝපනය කිරීමට අවසර හිමි නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම නව ක්‍රමවේදය හරහා ගෙන්වීමට අවසර හිමිවන විද්‍යුත් වාහනවල ප්‍රමාණය පිළිබඳව චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments