Friday, March 29, 2024
Homeවිදේශීයයුරෝපයේ පළමු වඳුරු උණ මරණය ස්පාඤ්ඤයෙන්

යුරෝපයේ පළමු වඳුරු උණ මරණය ස්පාඤ්ඤයෙන්

මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වෛරසය ආසාදනය වීම හේතුවෙන් යුරෝපා රටක සිදු වූ පළමු මරණය ස්පාඤ්ඤයෙන් වාර්තාවනවා.

ස්පාඤ්ඤයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ වඳුරු උණ වෛරසය ආසාදනය වූවන් 4,298 දෙනෙකු එරට සිටින බවයි.

ලොව පුරා රටවල් 78 ක මෙම වෛරසය ව්‍යාප්ත වී ඇති අතර ඉන් සිදුවූ මුළු මරණ සංඛ්‍යාව පහක්.

වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් පසුගියදා ප්‍රකාශයට පත් කළා.

මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ පළමුවෙන්ම වාර්තාවූයේ අප්‍රිිකානු කලාපයෙන්.

එම කලාපය හැර ලොව අනෙක් රටවලින් වාර්තාවී ඇති මුළු ආසාදිතයන් ගණන 18,000කටත් වැඩි ප්‍රමාණයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments