Friday, March 29, 2024
Homeව්‍යාපාරිකසුප්‍රකට Maruti සමාගමේ නිර්මාතෘ ජිවිතක්ෂයට

සුප්‍රකට Maruti සමාගමේ නිර්මාතෘ ජිවිතක්ෂයට

සුප්‍රකට මරුති සමාගමේ නිර්මාතෘ වී ක්‍රිෂ්ණමූර්ති අභාවප්‍රාප්ත වී තිබෙනවා.

චෙන්නායි හිදී ඔහු ඊයේ (26) මියයනවිට 97 වන වියේ පසුවුණා.

වර්තමානයේ මරුති සුසුකි නමින් හඳුන්වන සුප්‍රකට මෝටර් රථ සමාගම ආරම්භක අවධියේ මරුති උදියෝග් යන නමින් පැවති අතර, එය ගොඩනැගීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ අයෙකු ලෙස ක්‍රිෂ්ණමූර්ති සැළකෙනවා.

මරුති මෝටර් වාහන නිෂ්පාදනය ඉන්දීය කර්මාන්ත ක්‍ෂේත්‍රය විප්ලවීය වෙනසකට ලක් කළ, වී ක්‍රිෂ්ණමූර්ති ඉන්දීය කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම නායකයෙක්.

ටී වී එස් මෝටර් සමාගමේ සභාපති වියානා ශ්‍රීනිවාසන්, ක්‍රිෂ්ණමූර්ති සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ තම සමාගම ගොඩනැංවීමට උපකාර කළ උපදේශකයා ඔහු බවයි.

එමෙන්ම ඉන්දියාවේ සංවර්ධනයට ඔහුගෙන් අපමණ දායකත්වයක් ලද බවත්, ක්‍රිෂ්ණමූර්තිගේ අභාවය එරට කර්මාන්ත ක්‍ෂේත්‍රයට සහ රටට විශාල පාඩුවක් බවත් ටී. වී. එස්. සභාපති වියානා ශ්‍රීනිවාසන් සඳහන් කර තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments