Thursday, April 25, 2024
Homeදේශීය“අත්‍යාවශ්‍ය කරුණකට හැර ලංකාවට යන්න එපා” – බ්‍රිතාන්‍යය සහ නවසීලන්තය සිය පුරවැසියන්ට...

“අත්‍යාවශ්‍ය කරුණකට හැර ලංකාවට යන්න එපා” – බ්‍රිතාන්‍යය සහ නවසීලන්තය සිය පුරවැසියන්ට දන්වයි

අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය දෙරටේ පුරවැසියන්ට උපදෙස් දී තිබේ.

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ ඖෂධ, ගෑස්, ඉන්ධන සහ ආහාර ඇතුළුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වී ඇත. පෙට්‍රල් සහ ඩීසල් උග්‍ර හිඟයක් පවතින නිසා ව්‍යාපාර, හදිසි සහ ප්‍රවාහන සේවා වලට දැඩි බලපෑමක් එල්ල කර ඇත. දිනපතා විදුලි විසන්ධි කිරීමද සිදු වේ. මේ හේතුවෙන් ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තා හට ගන්නා අතර විරෝධතා ද පැවැත්වේ. ඉතා කෙටි දැනුම්දීමකින් මාර්ග බාධක දැමීම, විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වීම සිදු විය හැක.

එම නිසා අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්න යැයි ජූලි 5 වැනිදා යාවත්කාලීන කරන ලද සංචාරක උපදේශනයේ දැක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments