Tuesday, April 23, 2024
Homeදේශීයඉන්ධන මිල ඉහල දැමීමෙන් පසු තෙල් සංස්ථාවට විශාල ලාභයක්

ඉන්ධන මිල ඉහල දැමීමෙන් පසු තෙල් සංස්ථාවට විශාල ලාභයක්

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ඉන්ධන මිල ගණන්වල ලාභ අලාභ පිළිබඳ ලැයිස්තුවක් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (26) ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කරයි.

මිල වැඩිවීමත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15 යි ශත 57 ක් සහ පෙට්‍රල් 95 ලීටරයකින් රුපියල් 68 යි ශත 61 ක ලාභයක් සංස්ථාව ලබන බවයි අමාත්‍යවරයා සදහන් කරයි.

ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 08 ශත 52 ක අලාභයක් සහ සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් විස්සයි ශත 27 ක ලාභයක් ලබන බව අමාත්‍යවරයා සදහන් කරයි.

භූමිතෙල් ලීටරයකින් රුපියල් 334යි ශත 39ක පාඩුවක් තවදුරටත් ලබන බව එහි දැක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments