Thursday, April 18, 2024
Homeසියලුම පුවත්කැලිෆෝනියාවෙන් මතු වූ කොළපාට ඇස් සහිත පිටසක්වල මසුන්

කැලිෆෝනියාවෙන් මතු වූ කොළපාට ඇස් සහිත පිටසක්වල මසුන්

නියා වෙරළට ඔබ්බෙන් සාගරයට අඩි 2,000 ක් පමණ පහළින් ජීවත් වන පිටසක්වල මත්ස්‍යයෙක් ලෙස සැලකෙන මත්සයින් වර්ගයක් බවට සැලකෙන මත්සයන් වර්ගයක් ජිවත් වනවා. ඔවුට දිලිසෙන ඇස් සහ නිරාවරණය වන පරිදෘශ්‍ය හිසක් තිබෙන බව සඳහන්.

නමින් බැරිලි මත්ස්‍යයා ලෙස හැඳින්වෙන මෙම මත්සයින්ව ගැඹුරු මුහුදේ සිට නිරීක්ෂණය කර තිබෙනවා. ඒ, මොන්ටෙරේ බේ ඇක්වාරියම් පර්යේෂණ ආයතනය (MBARI) විසින් දුරස්ථව ක්‍රියාත්මක වන ROV භාවිතා කරමින්.

දුරස්ථව ක්‍රියාත්මක වන උපකරණය මගින් කිමිදුම් 5,600කට වඩා වීඩියෝ පටිගත කර තිබෙනවා. නමුත් එහිදී මෙම මාළුවා හමු වී ඇත්තේ නව වතාවක් පමණක් බවයි පරීක්ෂකයන් පෙන්වා දෙන්නේ.

මෙම මත්ස්‍යයාට සාමාන්‍යයෙන් ඇස් තිබෙන තැනට, කුඩා ඉන්ඩෙන්ෂන් දෙකක් පිහිටා තිබෙනවා. නමුත් මත්සයාගේ සැබෑ ඇස් උගේ මුහුණට පිටුපසින් දිලිසෙන කොළ පැහැති කක්ෂ දෙකක් ලෙස පිහිටා තිබෙනවා. එමෙන්ම ඒවා පිහිටා ඇත්තේ හිස මුදුන දෙස බලා සිටින ආකාරයෙන්.

ඇස් එම ස්ථානයේ ඇත්තේ සත්වයාට ආහාර සඳහා ඉහළින් ඇති ජලය පරිලෝකනය කිරීමට බව පරීක්ෂකයන් පෙන්වා දෙනවා. මෙයට හේතුව ඔවුන් ජිවත් වන්නේ බිය උපදවන ස්ථානවල, ඉතා ගැඹුරින් වීමයි. එමෙන්ම මේ හේතුවෙන් මත්සයන්ගේ ඇස් ඉදිරියට කරකවන්නට හැකි බව සඳහන්.

කැලිෆෝනියාවේ මොන්ටෙරේ බොක්කෙහි රේචල් කාර්සන් විසින් මෙහෙයවන ලද ගවේෂණ චාරිකාවකදී බැරලි මත්සයාව දැකගැනීමට හැකිවී තිබෙනවා. නමුත් මොවුන් මුලින්ම හමුවී ඇත්තේ 1939 දී බව වාර්තා වල දැක්වෙනවා.

මත්සයාගේ ශරීරය බොහෝ දුරට අඳුරු වන අතර, හිසෙහි ඉහළ කොටස විනිවිද පෙනෙන අතර ඇස් පැහැදිලිව දැකගත හැකිය.

පරිණාමීය ජීව විද්‍යාඥයින් පවසන්නේ මත්ස්‍යයාට එතරම් ප්‍රබල පෙනීමේ හැඟීමක් ඇති වූයේ සූර්යාලෝකයට ළඟා විය නොහැකි කටුක පරිසරයක ජිවත් වීමේ ප්‍රතිඵලයක් ලෙස බවයි.

මත්සයාගේ ඇස් නල ඇස් ලෙස හඳුන්වනු ලබන අතර, ඒවා සාමාන්‍යයෙන් ගැඹුරු මුහුදේ ජීවීන් අතර දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් වනවා. ඇසෙහි බහු ස්ථර දෘෂ්ටි විතානයකින් සහ විශාල කාචයකින් ඇති අතර එමඟින් එක් දිශාවකට දිවෙන විශාල ආලෝක ප්‍රමාණයක් හඳුනා ගැනීමට ඉඩ සලසනවා.

කෙසේ වෙතත්, ඇස් ස්ථානගත වී ඇති ආකාරය අනුව මාළුවාගේ හිසට කෙළින්ම ඉහළින් ඇති ඕනෑම දෙයක් පිළිබඳ ‘උමං දර්ශනයක්’ පමණක් සපයන බව මින් පෙර මේ පිළිබඳව පරීක්ෂණය කළ වාර්තා වල දැක්වෙනවා.

නමුත් 2019 දී, නව අධ්‍යයනයකින් පෙන්නුම් කළේ මත්සයාගේ අසාමාන්‍ය ඇස් වලට ඔහුගේ හිස ආවරණය වන විනිවිද පෙනෙන පලිහක් තුළ භ්‍රමණය වීමට හැකියාවක් තිබෙන බවයි. එමඟින් ආහාර සොයා ගැනීමට සහ එය අනුභව කරන්නේ කුමක් දැයි බැලීමට මෙන්ම ඉදිරියට යාමටද ඉඩ සලස්වා තිබෙනවා.

එමෙන්ම සමුද්‍ර ජීව විද්‍යාඥයන් ද සොයාගෙන ඇත්තේ මත්සයන් ජලයේ චලනය නොවී සිටීමට විශාල පැතලි වරල් භාවිතා කරන බවයි.

මෙයින් අදහස් කරන්නේ මත්සයා වටා සිටින ජීවීන්ට මත්සයාව පැහැදිලිව නොපෙනෙන බවයි. එමෙන්ම ඉහළින් සැඟවී සිටින විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට හැකියාව ලැබී ඇත්තේද මෙමගිනි. කෙසේ වෙතත් එය ජීවත් වන කුඩා මසුන් සහ ප්ලවාංග දඩයම් කිරීම සඳහා ඉහළට බැලිය හැකි ආකාරයට පිහිටා තිබීම විශේෂත්වයක්.

සුදුසු ගොදුරක් හඳුනාගත් විට, බැරලි මසුන් අඳුරෙන් පිටතට පැමිණ ගොදුර වේගයෙන් ගිල දමයි.

නොගැඹුරු ජලයට ගමන් කරන විට සූර්යයා දෙස බැලීම වළක්වා ගැනීම සඳහා මෙන්ම සත්වයාගේ ඇස් මගින් ඉදිරිය බැලීමටද, පිහිනන්නේ කොතැනද යන්න දැකගනිමටද කොළපැහැති ඇස් උපකාරී වනවා.

මත්සයාගේ ඇස් දීප්තිමත්-කොළ පැහැයෙන් දිදුලන අතර පර්යේෂකයන් විශ්වාස කරන්නේ එය හිරු එළිය නොසලකා හැරීමට සහ කුඩා මාළු සහ ජෙලිෆිෂ් වලද දක්නට ලැබෙන බවයි. එමෙන්ම ජෛව දීප්තිය හඳුනා ගැනීමට ඉඩ සලසන ආලෝක පෙරහන ආකාරයක් මෙලෙස ඇස් නිර්මාණය වීමට උපකාරී වී තිබෙන බවද පරීක්ෂකයන් පවසනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments