Thursday, March 28, 2024
Homeසියලුම පුවත්ගොවීන්ට රස්තියාදු නොවී ඉන්ධන ගන්න වැඩපිළිවෙළක්

ගොවීන්ට රස්තියාදු නොවී ඉන්ධන ගන්න වැඩපිළිවෙළක්

යල කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය ඉන්ධන කඩිනමින් ගොවීන්ට ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තෝරාගත් ඉන්ධන හල් 217කින් ගොවීන්ට ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.

 මෙම වැඩපිළිවෙල  සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසු යල කන්නයේ වගාව සඳහා අවශ්‍ය අතිරේක ඉන්ධන පවා ලබාදීමට එකඟ වු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාල  ඉන්ධන හල් ලේඛනය කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත ලබාදීමෙන් පසුව එම ඉන්ධනහල් මඟින් ගොවීන්ට සී සෑම සඳහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව නිකුත් කිරීමට තීරණය කර තිබෙි.

2022 යල කන්නය මේ වන විට ආරම්භ වී තිබෙන අතර  දිවයිනේ සෑම කෘෂිකාර්මික ප්‍රදේශයකම ගොවීන් සී සෑම සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිකම නිසා දැඩි දුෂ්කරතා වලට මුහුණ පා  සිටින බව කෘෂිකර්ම, වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ  අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

ගොවීන්ට තමන්ගේ කුඹුරුවල සී සෑම සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ගොවිජන සේවා මධ්‍යස්ථාන වල  අනුමැතිය සහිත ලිපියකින් බලය ලත් ඉන්ධන හල් වලට  ඉදිරිපත් කර ඉන්ධන ලබා ගැනීමට හැකියාව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments