Friday, April 19, 2024
Homeසියලුම පුවත්ත්‍රිපෝෂ නවතියි?

ත්‍රිපෝෂ නවතියි?

ත්‍රි​පෝෂ නිෂ්පාදනය කිරීම සඳහා 2021 වර්ෂයේදී සැපයිය හැකි බඩඉරිඟු ප්‍රමාණය මෙට්‍රික්ටොන් 570ක් බව දිස්ත්‍රික් ලේකම්වරු ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට දැනුම් දී තිබෙනවා.

ඒ අම්පාර, මොනරාගල සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරුන් ලබාදුන් වාර්තාවලින්.

එම ප්‍රමාණය සතියකට පමණක් ප්‍රමාණවත් අතර දෛනිකව ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු ප්‍රමාණය මෙට්‍රික්ටොන් 70ක් බවයි ඔවුන් පවසන්නේ.

එම බඩ ඉරිඟු අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි බැවින් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් දසදහසක් ආනයනය කිරීමට ආණ්ඩුව අගෝස්තු මස 24 වැනි දින තීරණය කළා.

ඒ අනුව මේ වන විට ආනයනය කර ඇත්තේ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2,500ක් පමණයි.

මේ අතර ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික්ටොන් 720ක් සපයා ගැනීමටද මෙතෙක් නොහැකි වී තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225කින් ඉහළ නැංවීම මත කිරිපිටි සැපයිය හැක්කේ රුපියල් 1,145කට බව මිල්කෝ සමාගම දැනුම් දීම නිසා බවයි වාර්තා වන්නේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments