Friday, March 29, 2024
Homeදේශීයමහා ආශ්චර්යයක්! දොස්තර සාෆි වඳ කළ බවට පැමිණිලි කළ අම්මලා 130කට ළමයි...

මහා ආශ්චර්යයක්! දොස්තර සාෆි වඳ කළ බවට පැමිණිලි කළ අම්මලා 130කට ළමයි හම්බවෙලා!

මවුවරුන් වඳ කළ බවට දොස්තර සාෆි ශිහාබ්ධීන්ට පසුගිය ජනාධිපතිවරණ සමයේ දී බරපතළ චෝදනාවක් එල්ල වුණා.

සිසේරියන් සැත්කම් කරන අවස්ථාවේ දී නැවත ගැබ් නො ගන්නා ආකාරයට මවුවරුන් ව වන්ධ්‍යාකරණයට ලක් කළ බවට යි වෛද්‍ය සාෆිට චෝදනා එල්ල වුණේ.

මේ පිළිබඳ සිදු කළ නඩු විභාගයකින් අනතුරු ව දොස්තර සාෆි එසේ නො කළ බව ඔප්පු වුණු අතර, නියමිත රාජකාරි කාලයට අදාළ ව වැටුප් ගෙවීමට ද අධිකරණය විසින් රජයට නියම කළා.

මෙසේ වන්ධ්‍යාකරණයට ලක් කිරීම පිළිබඳ මවුවරුන් ගණනාවක් පැමිණිලි ඉදිරිපත් කර තිබුණු අතර, එම පැමිණිලි සිදු කළ මවුවරුන්ගෙන් 130 දෙනෙකුට පමණ මේ වන විට දරුවන් ලැබී ඇති බව සඳහන්.

මේ අතරින් ඇතැම් මවුවරුන්, තමන් දැනටමත් වඳ යැ යි සිතාගෙන සැලැසුමකින් තොර ව සිය ස්වාමියා සමඟ ලිංගික ව එකතු වී ඇති අතර, ඔවුන් ගැබ් ගෙන බව දැනගෙන ඇත්තේ, පසු ව යි.

දැනට සොයාගෙන ඇති ගැබ් ගත් මවුවරුන් ගණන 130ක් වුණ ද එය තවදුරටත් සිදු කරන විමර්ශන හරහා 200 දක්වා හෝ වැඩි විය හැකි බව යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ ආකාරයට පැමිණිලි යොමු කළ මවුවරුන්ගෙන් අතිමහත් බහුතරයක්, දොස්තර සාෆි නිර්දෝශී බව තහවුරු වීමෙන් අනතුරු ව සිය පැමිණිලි ඉවත් කර නො ගෙන ඇති බව සඳහන් වනවා.

පැමිණිලි කරන ආකාරය පිළිබඳ විශේෂයෙන් දැනුම්වත් වුණත් පැමිණිලි ඉවත් කිරීම පිළිබඳ තමන්ට එතරම් බලපෑමක් සිදු නො වුණු බව යි එම මවුවරුන් පවසා ඇත්තේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments