Saturday, April 20, 2024
Homeසියලුම පුවත්විදේශිකයින් සමග විවාහ වීමට සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්

විදේශිකයින් සමග විවාහ වීමට සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්

විදේශිකයකු සමග විවාහවීමට අපේක්ෂා කරන ඕනෑම ශ්‍රී ලාංකිකයකු මින් ඉදිරියට විවාහය ලියාපදිංචි කිරීමට පෙර ආරක්ෂක අමාත්‍යාංශයෙන් ‘නිෂ්කාශන වාර්තාවක්’ ලබා ගත යුතු බව රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

විදේශීය ජාතිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර සිදුවන විවාහ ලියාපදිංචි කිරීමෙන් ජාතික ආරක්ෂාවට ඇතිවන බලපෑම සහ උද්ගතවිය හැකි සමාජයීය ගැටලු සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය හා ආගමන විගමන දෙපාර්තමේන්තුව සාකච්ඡා කිරීමෙන් අනතුරුව පැමිණි එකඟතාවකට අනුව මෙම නිෂ්කාශන වාර්තාව ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

එම වාර්තාව ලබාදීමෙන් අනතුරුව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන් මගින් පමණක් එවැනි විවාහ ලියාපදිංචි කිරීම සිදු කළ යුතු වනවා.

එවැනි විවාහයක දී විදේශීය පුද්ගලයන් මාස හයක් ඇතුළත තම රටේ වරදකට වරදකුරුවකු නොවන බවට වන සහතිකයේ මුල් පිටපත තම දේශීය පාර්ශ්වකරු​ හෝ දේශීය පාර්ශ්වකරුගේ නියෝජිතයකු මගින් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුයි.

මීට අමතරව විදේශීය කාලත්‍රයන්ගේ වෛද්‍ය ඉතිහාසය, නිධන්ගත රෝග, ඔවුන්ට කොවිඩ් වැළඳී ඇද්ද සහ ඊට එරෙහිව එන්නත් ලබාගෙන තිබේද යන තොරතුරු ඇතුළත් ස්වයං ප්‍රකාශයක් ද විදේශීය පාර්ශ්වය විසින් විවාහයට පෙර ඉදිරිපත් කළ යුතු වනවා.

මීට අදාළ 18/2020 දරන චක්‍රලේඛය ජෙිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව මගින් සියලුම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන් වෙත යොමු කර තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments