Friday, April 19, 2024
Homeදේශපාලනඉල්ලා අස්වෙන දිනේ කිව්වානම් මම අගමැතිකම භාරගෙන. දැන් අපෙන් කවුරුත් එන්නේ නෑ....

ඉල්ලා අස්වෙන දිනේ කිව්වානම් මම අගමැතිකම භාරගෙන. දැන් අපෙන් කවුරුත් එන්නේ නෑ. සජිත්ගේ ලියුමේ ඇත්ත.

ජනාධිපති විසින් අගමැතිකම භාර ගන්නා ලෙසට ඇරයුම් කරමින් සජිත් ප්‍රේමදාස මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දී තිබුණි.

ඊට පිළිතුරු ලෙස සජිත් ලිපියකින් දන්වා තිබුනේ ‘ජනතාව කියන්නේ ඔබට ගෙදර යන්න කියලයි, ඔබ ගෙදර යන දවස කිව්වොත් එතකම් මම ඔබ යටතේ අගමැතිකම භාර ගන්නම් යනුවෙනි.’

ඊට පසුව ජනාධිපති වරයා විසින් සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් එවා තිබු අතර එහි සදහන් කර ඇත්තේ

  • * සජිත් අගමැතිකම භාර ගැනීමට අකමැති බව ප්‍රකාශ කල බවත්,
  • * රනිල් වික්‍රමසිංහව තමන් අගමැති කරන බවත්,
  • * සජිත්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ව කැබිනට් එකට එවන ලෙසත් ය.

ඊට පිළිතුරු වශයෙන් ජනාධිපති වෙත ලිපියක් යවන සජිත් පවසා සිටියේ ඔබ ඉල්ලා අස්වෙන දිනය කියන්නේ නම් මා අගමැතිකම භාර ගැනීමට කැමැත්ත පල කලා විණා මා අගමැතිකම ප්‍රතික්ෂේප නොකල බවත්, අප පක්ෂයෙන් කිසිවෙකු ඔබ ආණ්ඩුවේ ඇමතිකම් දැරීමට සූදානම් නැති බවත් ය.

ජනාධිපතිගේ ඇමතුමට පිලිතුරු දී සජිත් යැවු ලිපිය.

අගමැති කම භාර ගැනීමට අකමැති බවට සජිත් ප්‍රකාශ කලා යැයි සදහන් කරමින් ජනාධිපති විසින් එවු ලිපිය
ඔබ ඉල්ලා අස්වෙන දිනය කියන්නේ නම් මා අගමැතිකම භාර ගැනීමට කැමැත්ත පල කලා විණා මා අගමැතිකම ප්‍රතික්ෂේප නොකල බව සදහන් කරමින් සජිත් ජනාධිපතිට යැවු ලියුම
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments