Tuesday, April 23, 2024
Homeසියලුම පුවත්නොදරුවන්ට සාහසික ක්‍රියාවක් කළ නරුම පියා අත්අඩංගුවට

නොදරුවන්ට සාහසික ක්‍රියාවක් කළ නරුම පියා අත්අඩංගුවට

වයස අවු 06 ක පුතා සහ අවු 07 දියණිය ගසක බැඳ ඇගේ මිරිස් තවරා අමානුෂික ලෙස වද හිංසා පැමිණ වු සැකකාර පියා හැටන් පොලිසිය මඟින් ඊයේ (02දින ) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වද හිංසාවට ලක් වු ළමුන් දෙදෙනා වෛද්‍ය පරික්ෂණයක් සදහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කෙරුණා.

සැකකරු හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවෙකු ලෙස සේවය කරන අතර , සැකකරු බීමට ඇබ්බැහි වු අයෙකු බවත්, බීමත්ව නිවසට ගොස් බිරිදට පහර දි දරුවන් සිව්දෙනාට මෙවැනි ආකාරයට කෘර ලෙස වද හිංසා පමුණවන බවයි හැටන් කුඩාගම ප්‍රදේශවාසින් විසින් හැටන් පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

වද හිංසාවට ලක් වු දරුවන් දෙදෙනාව සැකකාර පියා (02) දින නිවස අසල පිහිටි වෙලදසැලකට යවා ඇති අවස්ථාවේ දරුවන් දෙදෙනා පියා විසින් ලබාගෙන ඒමට පැවසු දේට අමතරව නිවසට දර මිටියක් රැගෙන ඒම සම්බන්ධයෙන් උරණ වු පියා දරුවන් දෙදෙනාට මෙසේ අමානුෂික ලෙස වද හිංසා පමුණවා තිබුණා.

වද හිංසාවට පමුණ වු දරුවන් දෙදෙනා ප්‍රදේශවාසින් විසින් මුදාගෙන ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසියට දැනුම් දිමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින් ඔහු මෙළෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මිට ප්‍රථම අවස්ථා කිහිපයකදිම මෙවැනි ආකාරයට බිරිදට පහර දිම සහ දරුවන්ට අමානුෂික ලෙස වද හිංසා පමුණවිම සම්බන්ධයෙන් හැටන් පොලිසියට ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුට අවස්ථා කිහිපයකදි අවවාද කර පැමිණිල්ල සම්බන්ධයෙන් සමථයකට පත් වි ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments