Thursday, April 25, 2024
Homeසියලුම පුවත්ප්‍රමිතිගත මත්පැන් හඳුනාගැනීමට App එකක්

ප්‍රමිතිගත මත්පැන් හඳුනාගැනීමට App එකක්

දේශීයව නිෂ්පාදනය කරන මත්පැන්වලට අද සිට නව ආරක්ෂිත ලේබලයක් හඳුන්වා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

එම මත්පැන් බෝතල් සහ කෑන් මත ස්ටිකරය අලවන බවයි නිවේදනයක් නිකුත් කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ.

රාජ්‍ය භාණ්ඩාගාරයට අයවිය යුතු බදු මුදල් වැඩි කර ගැනීම මෙහි අරමුණ බව ද ඔහු සඳහන් කළා.

නව ස්ටිකර් සහිත මත්පැන් වෙළෙඳපොළට සැපයීමට පෙර වෙළෙඳපොළේ ඇති ස්ටිකරය රහිත මත්පැන් තොග අවසන් කිරීමට අප්‍රේල් මස 01 වැනිදා දක්වා මාස තුනක කාලයක් ලබාදෙන බව ද සුරාබදු කොමසාරිස්වරයා පැවසුවා.

ඉන් අනතුරුව වෙළඳපොලේ අලෙවි වන සියලුම මත්පැන් බෝතල් සහ කෑන්වල ආරක්ෂිත ස්ටිකරය තිබීම අනිවාර්ය වනු ඇති.

ඒ අනුව 2022 අප්‍රේල් 01 වැනිදා සිට පාරිභෝගිකයන්ට සිය ස්මාර්ට් ජංගම දුරකථනය වෙත ලබාදෙන යෙදුමක් (APP) ඔස්සේ සෑම මත්පැන් බෝතලයකම ප්‍රමිතිය පරීක්ෂා කරගත හැකි වනවා.

නීති විරෝධී මත්පැන් වර්ග සහ නීති විරෝධී ලෙස ආනයනය කරනු ලබන මත්පැන් වර්ග දේශීය වෙළඳපොළට ඇතුළත් වීම වැළැක්වීම සඳහා මෙම ආරක්ෂිත ස්ටිකරය හඳුන්වා දෙන බවයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments