අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසාටෝ කන්දා මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී පැවැත්වුණි.
ඩාවෝස්–ක්ලෝස්ටර්ස් හි WEF කොංග්රස් මධ්‍යස්ථානයේ පැවති 2026 ලෝක ආර්ථික සංසදයට සමගාමීව මෙම හමුව සිදු වූ අතර, ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, වත්මන් ආර්ථික තත්ත්වය ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කර තිබේ.
56 වන ලෝක ආර්ථික සංසදයට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරිය පසුගිය සඳුදා (19) ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගිය අතර, මෙම සංචාරය අතරතුර ප්‍රධාන රාජ්‍ය නායකයින් සහ ගෝලීය ආයතන ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික හමු කිහිපයක් පැවැත්වීමටද නියමිතය.

