Homeසියලුම පුවත්අඩු පීඩන කලාපයේ බලපෑමෙන් අද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

අඩු පීඩන කලාපයේ බලපෑමෙන් අද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් අද (15) දිවයිනේ කාලගුණ තත්ත්වයේ වෙනසක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.අද උදෑසන වන විට මෙම අඩු පීඩන කලාපය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 600ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථානගතව පැවති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඈතින් උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද දිනය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද සඳහන් වේ.අද දිනයේ කාලගුණ තත්ත්වය:- දිවයින පුරා අහස වළාකුළින් බරව පවතී.- උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකිය.- බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.- දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.මීදුම් තත්ත්වයබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments