බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, දිවයිනට ගිනිකොණ දෙසින් හටගෙන ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් ලෙස වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම වායුගෝලිය පද්ධතිය බටහිරට බරව වයඹ දිශාවට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ළඟා වීම අපේක්ෂිතය.
මෙහි බලපෑම නිසා ජනවාරි 08 සිට විශේෂයෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වය වැඩිවීමට බලාපොරොත්තු වේ. ඌව හා නැගෙනහිර දිස්ත්‍රික්ක කිහිපයක විටින්විට වැසි ලබා දී, මි.මී. 50ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද සඳහන් කරයි.
කඳුකරයේ නැගෙනහිර බෑවුම් සහ උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර පළාත්වලත් ගම්පහ, කොළඹ, මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 50 පමණ තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගැනෙන්නැයි දෙපාර්තමේන්තුව ජනතාවට ඉල්ලා සිටී.

