Tuesday, March 3, 2026
Homeweatherඅඩු පීඩන කලාපය මඩකලපුවට කිලෝමීටර් 700ක් දුරින්

අඩු පීඩන කලාපය මඩකලපුවට කිලෝමීටර් 700ක් දුරින්

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව ඇති අඩු පීඩන කලාපය මේ වනවිට මඩකලපුවට කිලෝමීටර් 700ක් දුරින් පිහිටා තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසන්නේ, මෙම පද්ධතිය ඉදිරි පැය කිහිපය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී හෙට (08) දිනයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයට පැමිණිය හැකි බවය.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන අතර, විශේෂයෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි පැවැත්විය හැකි බවයි.

ඊට අමතරව, කන්කන්සතුරේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුවේ සිට හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල අද සිට නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙස ජනතාවට දැනුම්දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments