Friday, November 14, 2025
Homeදේශීයඅත්හිටවූ වෛද්‍ය වර්ජනය පිළිබඳ GMOA නිවේදනයක්

අත්හිටවූ වෛද්‍ය වර්ජනය පිළිබඳ GMOA නිවේදනයක්

ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන් අද (31) සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනයක් අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කළ බව එම සංගමය නිවේදනයක් මගින් දැනුම් දී ඇත.

GMOA පවසන්නේ, සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ ඊයේ (30) පැවති සාකච්ඡාවකින් පසු ස්ථාන මාරු ගැටලුවට විසඳුම් කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණීමට හැකි වූ බවය.

එම එකඟතා අනුව අක්‍රමවත් ස්ථාන මාරු නියෝග අත්හිටුවා, නියමිත ක්‍රමවේදයට අනුව නව කාල සටහනක් අනුව ස්ථාන මාරු සිදු කිරීමට තීරණය කර ඇති බව GMOA නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව අද පෙරවරු 8.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය පළමුව 12.00 දක්වා කල් දමා සිට, පසුව අදාළ ලිපිය නිකුත් වූ බැවින් වැඩ වර්ජනය අවලංගු කිරීමට GMOA විධායක සභාව තීරණය කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments