අද (22) දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලටත් යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කවලටත් තද වැසි බලාපොරොත්තු වේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනුව, උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් තමිල්නාඩු හා දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ ආසන්නයේදී පීඩන අවපාතයක් බවට පත් වීමට ඉඩ ඇත.
ඒ අනුව, ඇතැම් ප්‍රදේශවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර, පස්වරු 1න් පසුව සෙසු ප්‍රදේශවලත් ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇත.
බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ, දකුණු සහ මධ්‍යම කඳුකරයේ බටහිර ප්‍රදේශවල පැ.කි.මී. 30–40ක තද සුළං ඇතිවිය හැකි බවද සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අතර සුළං හා අකුණු අනතුරු වලක්වාගන්න ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී –