Wednesday, October 22, 2025
Homeweatherඅදත් මි.මී 100 ඉක්මවූ වැසි

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 සිට පසුව තද වැසි ඇතිවීමේ හැකියාව පවතින අතර, දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බවද එම නිවේදනයේ සඳහන් කරයි.

ඒ අනුව එම කැලඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් ලෙස වර්ධනය විය හැකි අතර, එහි බලපෑම නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments