Thursday, November 13, 2025
Homeදේශපාලනඅද ඉන්දියානු රජයෙන් විපක්ෂ නායක සජිත්ට විශේෂ පිළිගැනීමක්

අද ඉන්දියානු රජයෙන් විපක්ෂ නායක සජිත්ට විශේෂ පිළිගැනීමක්

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (4) දිනයේදී ඉන්දීය රජයේ ඉහළ පෙළ ඇමැතිවරුන් සහ නියෝජිතයන් කිහිප දෙනකු හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අතර, ඉන්දීය විදේශ ඇමැති එස්. ජයශංකර්, මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන්, සහ ලොක්සභා කතානායක ඕ.එම්. බිර්ලා යන මහත්ම මහත්මීන් සමඟ හමුවී දෙරටට සාමකාමී සහ සංවර්ධනමය අනාගතයක් ගොඩනැගීම පිළිබඳ විශේෂ සංවාදයක් පැවැත්වීමට නියමිත බවද දැනගන්නට ඇත.

ඒ සමගම, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආර්ථික සහ සම්ප්‍රදායික සබඳතා ව්‍යාප්ත කිරීම සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් පිළිබඳවද විපක්ෂ නායකවරයා සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments