අද (02) පස්වරු 1.00න් පසුව දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ අනාවැකි මඟින් පෙන්වා දෙයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට මෙන්ම කුරුණෑගල සහ මුලතිව් දිස්ත්‍රික්කවලට ද මෙලෙස වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.විශේෂයෙන්ම ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවන තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.කෙසේ වෙතත්, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල බොහෝ දුරට වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දී තිබේ.එමෙන්ම සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැකිය.ඒ අනුව, අද දිනයේ එළිමහන් කටයුතුවල නිරත වන ජනතාව කාලගුණික වෙනස්වීම් පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත් වේ.

