Thursday, January 15, 2026
Homeweatherඅද (15) සිට වැසි තත්ත්වයේ අඩුවක්.

අද (15) සිට වැසි තත්ත්වයේ අඩුවක්.

අද (15) දින සිට දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ යම් අඩුවක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල පස්වරු 4.00 පමණෙන් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවද සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments