Homeසියලුම පුවත්අධික වැසි සමඟ ජලාශ 26ක් වාන් දමයි

අධික වැසි සමඟ ජලාශ 26ක් වාන් දමයි

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 10ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාර්තා වෙයි.
රාජාංගනය, ලුණුගම්වෙහෙර, වීරවිල, වෙහෙරගල ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති අතර, විශාල ජල ප්‍රමාණයක් පිටතට නිකුත් කෙරෙන බව වාරිමාර්ග අංශ සඳහන් කරයි.
ජලාශ අවට සහ පහත්බිම් ප්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් සිටින ලෙසද අදාළ බලධාරීන් දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments