Monday, February 16, 2026
Homeweatherඅන්දමන්–නිකොබාර් සහ කාෂ්මීරය ආශ්‍රිතව භූ කම්පන දෙකක්

අන්දමන්–නිකොබාර් සහ කාෂ්මීරය ආශ්‍රිතව භූ කම්පන දෙකක්

අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණ ඒකක 4.6ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් අද (02) අලුයම සිදුව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද අලුයම 3.30ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති බවය. එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක පමණ ගැඹුරකින් හටගෙන ඇති බව සඳහන් වේ.

මේ අතර, ඉන්දියාවේ කාෂ්මීර ප්‍රදේශය ආශ්‍රිතවද රිච්ටර් පරිමාණ ඒකක 4.6ක ප්‍රභලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් අද අලුයම 5.35ට පමණ වාර්තා වී ඇත.

මෙම භූ කම්පන දෙකෙන්ම මේ දක්වා කිසිදු ජීවිත හෝ දේපොළ හානියක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments