Friday, January 23, 2026
Homeදේශීයඅනිද්දා සිට නොරොච්චෝලේ බලාගාරය මාස දෙකකට වසා දමයි ?

අනිද්දා සිට නොරොච්චෝලේ බලාගාරය මාස දෙකකට වසා දමයි ?

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සදහා නොරොච්චෝලේ තාපවිදුලි බලාගාරය ජූනි මාසයේ 18 වන දා සිට මාස දෙකකට වසා දැමීමට නියමිත බව සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කර සිටියි.

බලාගාරය වසා දමන්නේ වසර පහකට වරක් කළ යුතු අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් වෙනුවෙනි. බලාගාරය නැවත පණ ගැන්වීම සදහා දින 75 ක පමණ කාලයක් ගතවනු ඇතැයි පුවත්පත වාර්තා කරයි.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් දිනකට මෙගවොට් 270 ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට ලබා දෙයි.

බලාගාරය වසා දැමීමට සිදු වීමෙන් පවතින විදුලිය අර්බුදය තවත් උග්‍ර කෙරෙනු ඇතැයි අපේක්ෂා කරයි.

නොරොච්චෝලේ වසා දැමීමට සිදු වීමෙන් ඩීසල් බලාගාර පන ගැන්වීම සදහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට විදුලි බල මණ්ඩලයට සිදුවනු ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments