හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනය සම්බන්ධ නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කිරීම පෙබරවාරි 11 වනදා දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.
2022 මැයි 9 වනදා අරගලය සමයේ නිට්ටඹුව ප්රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 42 දෙනෙකුට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ.
මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරි තීන්දුව පෙබරවාරි 11 වනදා ප්රකාශයට පත් කිරීමට නියමිතය.

