Thursday, November 13, 2025
Homeවිදේශීයඅමෙරිකාවේ දීර්ඝතම රජයේ සේවා අකර්මණ්‍යවීම අවසන්

අමෙරිකාවේ දීර්ඝතම රජයේ සේවා අකර්මණ්‍යවීම අවසන්

අමෙරිකාවේ ඉතිහාසය තුළ දීර්ඝතම රජයේ සේවා අකර්මණ්‍යවීම අවසන් වී තිබේ. එම අකර්මණ්‍යවීම අවසන් කිරීමට අදාළ සංශෝධිත වියදම් කෙටුම්පත අමෙරිකානු කොංග්‍රසය විසින් අනුමත කර ඇත.

කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 222ක් මෙයට වාක්‍ය ලබා දුන් අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සනත් එක්ක රජයේ සේවා අකර්මණ්‍යවීම නිමා කර ඇත.

මේ කාලය තුළ දින 43ක් පුරා රජයේ සේවක වැටුප් ගෙවීමක් නොසිදු වීම නිසා 670,000ක් ආසන්න රජයේ සේවකයින් අනිවාර්ය නිවාඩු යවා තිබූ අතර, තවත් 730,000කට අධික පිරිස වැටුප් රහිතව සේවයේ යෙදීමට සිදුවිය.

මෙම අවධියේදී 20,000කට වැඩි ගුවන් වාර අවලංගු වීම සහ ප්‍රමාද වීම්ද සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments