2026 අයවැය කාරක සභා (තෙවන වර කියවීම) විවාදය අද (15) ආරම්භ වන අතර දිනයන් 17ක් පුරා පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අයවැය තෙවන වර කියවීමේ අවසන් ඡන්දය දෙසැම්බර් 5වැනිදා සවස 6ට සිදුකරන බවයි.
ඊට පෙර ඊයේ (14) පැවති අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත විය.
පක්ෂව ඡන්ද 160
විරුද්ධව ඡන්ද 42
විරලවීම 8
එමඟින් ඡන්ද 118ක භින්නත්වයෙන් අයවැය අවස්ථා දෙකින් සම්මත විය.
විශේෂත්වයක් ලෙස විපක්ෂයේ මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා ජීවන් තොණ්ඩමන් ඇතුළු මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් බව ද වාර්තා වේ.
2026 අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
අයවැය කාරක සභා විවාදය අද සිට

