Thursday, February 12, 2026
Homeදේශීයඅරගලකරුවන් නිවාස ගිනි තැබූ මන්ත‍්‍රීවරුන්ට බාර් පර්මිට්..?

අරගලකරුවන් නිවාස ගිනි තැබූ මන්ත‍්‍රීවරුන්ට බාර් පර්මිට්..?

පසුගිය අරගල සමයේ අරගලකරුවන් විසින් නිවාස ගිනි තබන ලද මන්ත්‍රීවරුන් නිහඬ කිරීමට ඔවුන්ට මත්පැන් බලපත්‍ර ලබාදී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.

අද පාර්ලිමේන්තු අමතමින් ඔහු කියා සිටියේ නිවාස ගිනි තැබීමට ලක් වූ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවෙන් කළ දෙයක් නැති බවත් එනිසා ඔවුන් නිහඬ කිරීමට මත්පැන් බලපත්‍ර ලබාදී ඇති බවත්ය.

නමුත් එය ප‍්‍රතික්‍ෂෙප කරමින් රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ ගිනිතැබීම් නිවාස ගිනි තැබීම් වලට ලක්වූ මන්ත්‍රීවරුන්ගේ සංගමයේ සභාපති තමන් බවත් නිවාස ගිනි තැබීම් වල ලක් වූ කිසිදු මන්ත්‍රීවරයෙකුට මත්පැන අලෙවිසැල් බලපත් ලබා දී නැති බව තමන් පැහැදිලිවම දන්නා බවත්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments