Friday, November 14, 2025
Homeදේශීයඅලි රොෂාන්ගේ ඇප ඉල්ලීම විභාගයට දින දෙයි

අලි රොෂාන්ගේ ඇප ඉල්ලීම විභාගයට දින දෙයි

බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී සිර දඬුවමක් ලබා ඇති සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් “අලි රොෂාන්” ඉදිරිපත් කළ ඇප ඉල්ලීම දෙසැම්බර් 15 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම ඉල්ලීම අද (03) මහාධිකරණ විනිසුරුවන් මංජුල තිලකරත්න සහ ලංකා ජයරත්න යන මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම ඇප ඉල්ලීමට විරෝධතා ගොනු කිරීමට අවසර ලබාදිය යුතු බවය.

ඒ අනුව, එවන් විරෝධතා තිබේ නම් ඒවා නොවැම්බර් 28 වනදාට පෙර ගොනු කරන ලෙස විනිසුරු මඩුල්ල නියම කළ අතර, ඉන්පසුව ඇප ඉල්ලීම පිළිබඳ විභාගය දෙසැම්බර් 15 දා පැවැත්වීමට ද තීරණය කරන ලදී.

අලි රොෂාන්ට, බලපත්‍ර රහිතව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබුණි.

එම තීන්දුවට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ද ඉදිරිපත් කර ඇති අතර, එම අභියාචනය විභාගය අවසන් වන තුරු ඇප මත මුදා හරින්නැයි ඔහුගේ නීතිඥවරු මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments