Friday, November 14, 2025
Homeදේශීයඅසභ්‍ය වීඩියෝ අන්තර්ජාලයට දැමූ යුවළක් අත්අඩංගුවට

අසභ්‍ය වීඩියෝ අන්තර්ජාලයට දැමූ යුවළක් අත්අඩංගුවට

මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අසභ්‍ය වීඩියෝ දර්ශන අන්තර්ජාලයට උඩුගත කළ විවාහක යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ සිදු වූ මෙම අත්අඩංගුවට ගැනීමේදී, සැකකරුවන් ලෙස හැඳින්වෙන්නේ වයස අවුරුදු 37ක් වූ පුරුෂ පරිඝණක ඉංජිනේරුවරයෙකු හා වයස අවුරුදු 36ක් වූ මනෝ විද්‍යා උපදේශකවරියකි.

පොලිස් වාර්තා අනුව, ඔවුන් විසින් වැඩිහිටියන්ට පමණක් දැක්විය හැකි විවිධ වෙබ් අඩවිවලට අසභ්‍ය වීඩියෝ 334ක් උඩුගත කර තිබේ.

අදාළ සැකකරුවන් දෙදෙනා හෙට (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම විමර්ශන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් යටතේ, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමා සපුගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments