Thursday, November 20, 2025
Homeදේශපාලනආණ්ඩුවේ ජනවරම අවසන්! අලුත් ආණ්ඩුව හදන්න අපි සූදානම් සජිත් කියයි

ආණ්ඩුවේ ජනවරම අවසන්! අලුත් ආණ්ඩුව හදන්න අපි සූදානම් සජිත් කියයි

ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් එලෙස වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

රට ස්ථාවර කොට රටේ ආර්ථිකය ගොඩනැංවීමේ වැඩපිළිවෙළට දායකත්වය ලබාදීමටත්, ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත් කිරීමටත් තමන් සූදානම් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මීට එරෙහිව කවුරුන් හෝ පාර්ලිමේන්තුව තුළ කුමන්ත්‍රණ සිදු කරනවා කරනවානම් එය දේශද්‍රෝහී ක්‍රියාවක් බවත් රට ගොඩනැගීමේ කටයුත්තට තමන්ට සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments