Tuesday, March 3, 2026
Homeදේශීයආපදාවෙන් පසු වසංගත අවදානම් — වසංගත රෝග විද්‍යා ඒකකයෙන් අවවාදයක්

ආපදාවෙන් පසු වසංගත අවදානම් — වසංගත රෝග විද්‍යා ඒකකයෙන් අවවාදයක්

අවතැන්වීම් සහ ගංවතුර පසුකාලීනව මතුවිය හැකි වසංගත රෝග පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දීමෙන් අනුව,

උණු කර නිවාගත් ජලය පමණක් පානය කිරීම අත්‍යවශ්‍යය.

ගංවතුරින් උතුරා ගිය ළිං ජලය නැවත භාවිතයට ගැනීමට පෙර නිසි ලෙස පිරිසිදු කර ක්ලෝරින කිරීම හා විෂබීජහරණය කළ යුතුය.


ආහාරය මගින් බෝවිය හැකි රෝග වැලැක්වීම සඳහා:

පිරිසිදු ලෙස පිසූ ආහාර පමණක් භුක්ති කිරීම,

පාචන රෝගී තත්ත්වයකින් පෙළෙන අය ආහාර පිසීමෙන් වළකිනු,

පිසූ ආහාර පැය 4කින් අනිවාර්යයෙන්ම භුක්ති කිරීම,

ආහාරයට පෙර හොඳින් දෑත් සේදීම අත්‍යවශ්‍යය.


වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ගංවතුර පසුකාලීනව මඩ සහ රැඳී තිබෙන ජල කුණාටු මී උණ (Leptospirosis) වැනි රෝග පැතිරීමට ඉතා සුදුසු බවයි. මේ රෝගය කුණුමල, බල්ලි, හරක්, ඌරන් ආදී සත්වයන්ගේ මුත්‍රාව මගින් ජලය අපවිත්‍ර වීමෙන් පැතිරෙනබවද සලකා බැළිය යුතුය.

මී උණ අවදානමට නිරාවරණය වූ අයට ඩොක්සිසයික්ලයින් ඖෂධය ලබා දී ඇති අතර:

මිලිග්‍රෑම් 200ක මාත්‍රාවක් වහාම දිය යුතු බව,

ගංවතුරින් තවමත් බලපෑම් දරා සිටින අය සතියක් තිස්සේ මෙම ඖෂධය ලබාගැනීම වැදගත් බවද වෛද්‍යවරයා අවධාරණය කරයි.


ජනතාවට ආපදාවෙන් පසු සෞඛ්‍ය සම්බන්ධ අනතුරු අවම කර ගැනීමට නිසි පියවර ගන්නා ලෙසද ඔහු අවවාද කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments